ගොඩ දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. මේ දවස්වල පොඩි ඉලෙක්ට්‍රෝනික් උණක් ඇවිල්ලා. ඒ 230 වෝල්ට් වලින් වැඩ කරන්න පුළුවන් බල්බ් එකක් හදන එක. එ ගැන විස්තර පසුව කියනම්.
දැන් වැඩේට බහිමුකො. මගේ කලින් බ්ලොග් සටහන් කියල දුන්නේ Handset කෝර්ඩ් එක මාරු කරගන්න විදිය. දැන් කියන්න් යන්නේ Handset එකේ දෝෂ මග හරවා ගන්න එක.
ඔබගේ අක්‍රියව ඇති ස්ථාවර දුරකතනයේ Handset එක හොද තත්වයේ පවිතිද කියල සැක හැර දැනගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා.
එකක් තමා Handset එකේ ඇති මයික්රෝෆෝන් එකට පිබින විට එ පිබින ශබ්දය ස්පීකර් එක තුලින් ඇහෙනවනම් Handset එක හොද තත්වයේ තියෙනවා.කිහිප වරකම මෙසේ කර බලන්න.
එහෙම ශබ්දයක් ඇහෙනේ නැත්නමි අපි Handset එක ගලවල බලමු. ඉස්සෙල්ලම Handset එක Handset කෝර්ඩ් ඒකෙන් ගැලව ගන්න.( ක්ලිප් එක ඔබල ගලවන්ට ). දැන් ගලවාගත Handset එකේ මැද ඇති ඇණය ගලවා ඉවත් කරගන්න.
දැන් තම වැඩේ තියෙන්නේ . ඒකියන්නේ Handset එකකේ කවරය ගලව ගන්න ඕන. එක පිහිතුඩකින් අල්ලන්න එහෙම එපා. ඒක ඉවත් කරගනේ මෙහෙමයි . ඉසේලම Handset ඒක සමතලා පෘෂ්ටයක තියාගන්න. මේසයක වගේ. දැන් Handset එක මයික්රෝෆෝන් එක සහ ස්පීකර් එකක සමතලා පෘෂ්ටයක ස්පර්ශ වන සේ තබාගෙන Handset ඒක හරි මැදින් තද කරන්න. ඒ තද කරන ගමන් පියන කොනින් උඩට අදින්න.( පහත රුපයේ ආකාරයට).
පසුව ඔබට පසුව ඔබට මෙසේ දකින ලැබේවි එහි ඇතුලත මේ ආකාරට.
මේ දෙකෙන් එකක හෝ දෝෂයක තිබෙනවානම් එක්කෝ ඔබට මෙම උපාංග මිලදී ගන්නට පුළුවන්. (පොඩි ගාණක් යන්නේ.(රු 70/=) විතර.) හොදම වැඩ නැති උපාංගය ඉලෙක්ට්‍රරොනික් අමතර කොටස් තිබෙන තැනකට ගිහින් පෙන්නෙන ඒක.
මේවා ඕනෙම ඉලෙක්ත්රොනික් අමතර කොටස් විකුනාන තැන් වල තියෙනවා.( අදාල උපාංග ගලවා ගන්ට බවුත් එකක් ආදාරන් ). ගොඩක් විට මේ සෙට් එකම මෙහෙමම තියෙනවා.(මයික්රෝෆෝන් එක , ස්පීකර් සහ RJ 11 interface එක)
ඉතින් ඔන්න ඔහොම තම Handset එකේ කතන්දරේ. මෙලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ බ්ස් එකේ ඇතිවන ගැටළු ගැනැ සාකච්ඡා කරන්න. මේ ගැන ගැටළු , පහදී නැති තැන් තියෙනවනම් කොම්මෙන්ට් එකකින් විමසන්න. ඒ ගැන හැකි පමණින් පිළිතුරු සපයන්න බලපොරෝතුවෙනවා. එතකන් ගොහින් එන්නම්.



