Sunday, October 9, 2011

අක්‍රියව ඇති ස්ථාවර දුරකතනයේ Handset එක අලුත් වැඩියා කරමු.


ගොඩ දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. මේ දවස්වල පොඩි ඉලෙක්ට්‍රෝනික් උණක් ඇවිල්ලා. ඒ 230 වෝල්ට්  වලින් වැඩ කරන්න පුළුවන් බල්බ් එකක් හදන එක. එ ගැන විස්තර පසුව කියනම්.
         දැන් වැඩේට බහිමුකො. මගේ කලින් බ්ලොග් සටහන් කියල දුන්නේ Handset  කෝර්ඩ් එක මාරු කරගන්න විදිය. දැන් කියන්න් යන්නේ Handset එකේ දෝෂ මග හරවා ගන්න එක.
ඔබගේ අක්‍රියව ඇති   ස්ථාවර දුරකතනයේ Handset එක හොද තත්වයේ පවිතිද කියල සැක හැර දැනගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා.
   එකක් තමා Handset එකේ ඇති මයික්රෝෆෝන් එකට පිබින විට එ පිබින ශබ්දය ස්පීකර් එක තුලින් ඇහෙනවනම් Handset  එක හොද තත්වයේ තියෙනවා.කිහිප වරකම මෙසේ කර බලන්න.
                                            එහෙම ශබ්දයක් ඇහෙනේ නැත්නමි අපි Handset එක ගලවල බලමු. ඉස්සෙල්ලම Handset එක Handset  කෝර්ඩ් ඒකෙන් ගැලව ගන්න.( ක්ලිප් එක ඔබල ගලවන්ට ). දැන් ගලවාගත Handset එකේ මැද ඇති ඇණය ගලවා ඉවත් කරගන්න.
    දැන් තම වැඩේ තියෙන්නේ . ඒකියන්නේ Handset එකකේ කවරය ගලව ගන්න ඕන. එක පිහිතුඩකින් අල්ලන්න එහෙම එපා. ඒක ඉවත් කරගනේ මෙහෙමයි . ඉසේලම Handset ඒක සමතලා පෘෂ්ටයක තියාගන්න. මේසයක වගේ. දැන්  Handset එක මයික්රෝෆෝන් එක සහ  ස්පීකර් එකක සමතලා පෘෂ්ටයක ස්පර්ශ වන සේ තබාගෙන Handset ඒක හරි මැදින් තද කරන්න. ඒ තද කරන ගමන් පියන කොනින් උඩට අදින්න.( පහත රුපයේ ආකාරයට).

පසුව ඔබට පසුව ඔබට මෙසේ දකින ලැබේවි එහි ඇතුලත මේ ආකාරට.

.
      දැන් ඔබට අවශ්‍ය වනවා මල්ටිම්ටර් එකක්. ඇනලොග් උනත් ඩිජිටල් මල්ටිම්ටර් එකක්  උනත් කමක් නැ. දැන් ඉස්සෙල්ලම ස්පීකර් එකේ අග්‍ර දෙකට මල්ටිම්ටර්  එක තබා බලන්න. එවිට මල්ටිම්ටර්  එකේ අගයක් දිවෙනවන්ම් එය හොද තත්වයේ පවතිනවා. ඒ වගේම මයික්රෝෆෝන්  එකේ අග්‍ර දෙකට මල්ටිම්ටර්  එක තබා බලන්න. එවිට මල්ටිම්ටර්  එකේ අගයක් දිවෙනවන්ම් එයත් හොද තත්වයේ පවතිනවා.
      මේ දෙකෙන් එකක හෝ දෝෂයක තිබෙනවානම් එක්කෝ ඔබට මෙම උපාංග මිලදී ගන්නට පුළුවන්. (පොඩි ගාණක් යන්නේ.(රු 70/=) විතර.) හොදම වැඩ නැති උපාංගය ඉලෙක්ට්‍රරොනික් අමතර කොටස්  තිබෙන තැනකට  ගිහින් පෙන්නෙන ඒක.
 මේවා ඕනෙම  ඉලෙක්ත්රොනික් අමතර කොටස් විකුනාන තැන් වල තියෙනවා.( අදාල උපාංග ගලවා ගන්ට බවුත් එකක් ආදාරන් ). ගොඩක් විට මේ සෙට් එකම මෙහෙමම තියෙනවා.(මයික්රෝෆෝන් එක ,  ස්පීකර් සහ RJ 11 interface එක)
                        ඉතින් ඔන්න ඔහොම තම Handset එකේ කතන්දරේ. මෙලග ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ බ්ස් එකේ ඇතිවන ගැටළු ගැනැ සාකච්ඡා කරන්න. මේ ගැන ගැටළු , පහදී නැති තැන් තියෙනවනම් කොම්මෙන්ට් එකකින් විමසන්න. ඒ ගැන හැකි පමණින් පිළිතුරු සපයන්න බලපොරෝතුවෙනවා. එතකන් ගොහින් එන්නම්.


Saturday, October 1, 2011

අක්‍රියව ඇති ස්ථාවර දුරකතනයක් අලුත් වැඩිය කරමුද..?

ඔබගේ ගෙදර නැත්නම් කාර්යාලයේ වැඩ කරනේ නැති ස්ථාවර දුරකථන නැතහොත් ලෑන්ඩ් ෆොනේ කියක් විතර තිබෙනවද?..සමහර ඒවාගේ යතුරු පුවරුව වැඩ කරනේ නැතිව ඇති .සමහර ඒවගේ රිංග්‍ ටොන් එක ඇහෙන්නේ නැතුව ඇති.තවත් සමහර ඒවගේ කියන ඒවා ඇහෙනේ නැතිව ඇති .මෙවැනි දෝෂ සුළු අලුත්වැඩ්යාවකින් පසු නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා ඔබ දන්නවද?.
                            ඇත්තට ම මට මේ පිළිබද දැනුම ලැබුනේ මහනුවර  ශ්‍රී ලංකා ටෙලිකොම් හි පුහුණු කාලයේදී. එය අහඹු සිදු වීමක් කිව්වොත් නිවරදි . සමරකෝන් අයියා ( ආදරේට කියනේ සමරේ අයියා කියල  ) මට හම්බුවෙනේ  මහනුවර  ශ්‍රී ලංකා ටෙලිකොම් හි පුහුණු කාලයේදී.  වසර 30 කට අසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවය කර  ඇති සමරේ අයියාට ටෙලෙෆොන් එක්ක දෝෂයක සොයාගැනීමට  කිරීමට ගතවකනේ ඉතාම අඩු කාලයක්.
                          ඒ ඔහු ලබා ඇති ඇත දැකීම සමුහයෙන් වෙන්ට ඇති. මෙම සටහන ලියවුනේ ඔහුට දක්වන උපහාරයක් හැටියට. මට ඉලෙක්ට්‍රොනික උණ බෝකරේ ඔහු කිවොත් මා නිවැරිදියි. ඉතින් කොහම හරි සමරේ අයියාගේ පිහිටෙන් සහ මාත් සමග පුහුණු කාලයේ සිටි හර්ෂ, මන්චි සහ සදනී ගේ උදවේන් මේ පිළිබද යම් දනුමක් ලබාගත්තා.
         හරි දැන් වැඩේට බහිමුකෝ. අපි පළමුව මෙම දුරකථනය කොටස් 3 කට වෙන්කරගමු. එතකොට මොනවද මේ කොටස් 3න .

ඒ තමා     1 .   Handset

                2.   Handset Cord

                 3.   Base
ඉතින් දුරකතනක් ගත්තම මේ ඕනේ එක්කක්ක දෝෂ තිබෙන්න පුළුවන්. මෙයින් පහසුවෙනන්ම දෝෂ ඇතිවෙන්න පුළුවන්  handset Cord එකේ . handset Cord එක තම Base එක සහ  handset අතර සම්බන්දය ඇති කරනේ. handset Cord එක දෙපස ඇති RJ 11 connectors පලුදු වුනොත් හෝ  handset Cord එක පලුදු උන්නොත්  Base එක සහ  handset අතර සම්බන්දතාවයක් නැති වෙන්නවා. එවිට ඔබට handset එක්කෙන්  dial tone එක නෑසි යනට පුළුවන්. ඔබේ handset Cord එක දෝෂ සහගතනම් වෙනත්  handset Cord  එකක් ඇතුලත් කර බලන්න. එවිට ඔබේ දුරකතනයේ  handset එක්කෙන්  dial tone එක  අසෙනවානම් නම් ඔබේ ප්‍රයත්නය සාර්තකයි.
              මෙම  handset Cord  එකක් රුපියල් 100 කට පමණ පමණ වෙළදපොලෙන් මිලදී ගන්ට පුළුවන්. මෙම handset Cord එක  Base  එකට සහ handset එකට හොදට ක්ලිප් කරන්න. නැත්නම් ඔබට චිරි ..චිරි ..චිරි සද්දයක් handset එක්කෙන් ඇහේවි.

 handset  එකේ සහ  Base එකේ ඇතිවිය හැකි ගැටළු ගැන තව ලිපියකින් දැනුවත් කරනම්...ඔබට ගැටළුවක් පැන නැගුනොත් කොම්මෙන්ට් එකකින් විමසන්න. එතකන් මද විරාමයක්.......

Online Shopping කරන්න ආසද?- සටහන -2

Online shopping යමුද? සටහන 1 ට පස්සේ අලුතෙන් මොක්කුත් ලියන්න බැරිඋනා. දැන් ඔබ දන්නවා ඇති Paypal account එක්කක් හදාගන්නෙ කොහොමද කියල. එක සම්පත් වෙබ් කාර්ඩ් එක්කක් එකතු කරන හැටි කියල දෙන ලින්ක් එකකකුත් මම හොයල දුන්නැනේ.එක දැක්කේ නැත්නම්දනුක ගේ සියිට් එකකට ගිහින් බලන්න. ( මමත් මේ දවස්වල ඕක ගන්න දත කනවා).
හොදයි Paypal ගිණුම අන්තර්ජාලයේ විශාල වශයෙන් පිළිගන්න නිසා වෙබ් ෂොප් විශාල ගණනක් තියෙනවා Online shopping යන්න.
ඔබ අන්තර්ජාලයේ රැකියාවක් කරනවනම් ඒ මුදල් බැරකරන පුළුවන් ඔබගේ Paypal Online  ගිණුමට . ඒවගේම Alertpay , Liberty reserve, Money Bookers ගිණුම් වලට බර කරගන්නත් පුළුවන්. මෙයනුත්  Money Bookers හරහා පමණි ඔබේ ඉතුරු කිරීම් ගිණුමකට මුදල් බැරකර ගන්නට පුළුවන් (මා දන්නා පමණින්). දැන් බලමු Online shopping  කරන්නපුළුවන් සයිට් මොනවද කියල.

ඔබට Paypal Online  ගිණුමක් තියෙනවනම් මෙන්න මේ සයිට් වල භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්.

www. ebay .com -අන්තර්ජාලයේ ඉස්තරම්ම වෙබ් ෂොප් එක කිවොත් මා නිවැරිදි. ලෝකයේ විශාල රටවල් ගණනක් සක්‍රියව දයකවෙන වෙබ් ෂොප් එක්ක තමා www. ebay .com වෙබ්  අඩවිය.

මේ වෙබ් අඩවියේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඔබ මේ වෙබ් අඩවිය තුල සාමජිකත්වය ලබා ගත යුතුය. මෙහි සාමජිකත්වය ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.

Paypal ගිණුම භාවිතයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකි වෙනත් වෙබ් අඩවි

>> tinydeal                >>lightinthebox     
 

මීට අමතරව ඕනෑතරම් වෙබ් අඩවි google. වෙබ් අඩවිය පිරික්සීමෙන් සොයාගන් පුළුවන්.

ඔබට Alertpay , Liberty reserve, Money Bookersගිණුම් වලින්  භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකි වෙබ් අඩවි තම මේ.........


>>  www.alertpay-shop.com         >>    www.technodiscount24.com


 www.technodiscount24.com හරහා මමත්  භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා. මිලදී ගත භාණ්ඩ තැපෑල හරහා මගේ නිවසට සුරක්ෂිතව ලැබුන.  දැනට www.technodiscount24.com හරහා  Alertpay ,Liberty reserve, Money Bookers හරහා එවන මුදල් මගින්  භාණ්ඩ මිලදී ගත හැකියි.ඔබ ඔන්ලන් ජොබ් එකක් කරනවනම් මෙමගින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ( ලංකාවේ අපිටනම් Alertpay තමයි). මෙහි විශේෂත්වය වෙන්නේFree shipping පහසුකම තියෙන එක. ඔබට අවශ්‍යනම් Registered Airmail වලින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මේ සදහා ඔබට වය වෙන්නේ $ 3.42 පමණයි. ලෝකේ ඕනෙම රටකට මම වෙබ් ෂොප් එක්ක මගින් මිලිදී ගන්න භාණ්ඩ නැව් ගත කරනවා.

මම www.technodiscount24.com  හරහා ගේනවා ගත භාණ්ඩවල ජයාරූප පහත දක්වා තිබෙනවා. මේ සියලුම භාණ්ඩ සදහා මා මුදල් යෙදෙව්වේ මගේ Alertpay ගිණුමෙන්.

එම්.පී ත්‍රී ප්ල්යෙර් එකක් සහ හැන්ඩ් ෆ්‍රී සෙට් එකක්.


 ලැප්ටොප් කූලින්ග් ෆන් එකක් සහ ඕනෑම රුපවාහිනියකට භාවිතා කල හැකි රිමොටේ කොන්ට්‍රොල්ලෙර් එක්කක්.
අත්ඔරලෝසුව


ස‍ටහන : ඔබ පළමුවරට අන්තර්ය්ජලයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනේන්ම් පළමුව අඩු වටිනාකමකින් යුත්  භාණ්ඩ මිලදී ගන්න. එවිට ඔබට මෙම වෙබ් අඩවි වල සේවා පිළිබද සැහීමකට පත්විය හැක.

ඔබත් ඇනවුම් කර බලන්න.භාණ්ඩ නිවසට ලැබෙන විට  ඔබට ලැබෙන ආත්ම තෘප්තිය මෙපමනි කිව නොහැකියි.

මෙම වෙබ් අඩවි පිළිබද ඔබ මීට වැඩ විස්තර තොරතුරු දන්නේනම් කොම්මෙන්ට් එකක් ඇතුලත් කරන්න.ඒ සියල්ල පිළිබද විස්තර ඇතුලත් කිරීමට මා සුදුනම්. අලුත් බ්ලොග් සටහනකින් නැවත හමුවෙමු.




Monday, September 26, 2011

Online Shopping කරන්න ආසද?- සටහන -1

මේ මගේ දෙවන පොස්ට් එක්ක.අද අපි Online Shopping කරන්න පුළුවන් site ටිකක් බලමු .Shopping  යන්න සල්ලිත් එපායැ...මේකට අවශ්‍යයි Paypal, Alertpay, Liberty Reserve, හෝ MoneyBookers account ekak.ඒවගේ account හදා ගන්නට පහත දැක්වෙන Links පාවිචි කරන්න.

Paypal සදහා https://www.paypal.com


 Alertpay සදහා www.Alertpay.com


 Liberty Reserve සදහා http://www.libertyreserve.com/



MoneyBookers සදහා http://www.moneybookers.com/app/




ඉසේලම මෙතනින් Paypal සහ Alertpay හදාගන්න. මෙයිනුත්  Paypal  හරහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් පිළිගන්වා. නමුත් Paypal  හරහා ගනුදෙනු කරන නම් Credit card ekak අවශ්‍යයි. මේකට හොදම විසදුම තම සම්පත් බැංකුව ලබාදෙන Web card ekak ලබා ගැනීම. මේ ගැන වැඩි විස්තර ගැන මේ  Links පාවිචි කරන්න.

සම්පත් බැංකුව ලබාදෙන Web card eka - http://www.sampath.lk



මේ ගැන තව විස්තර අවශය නම් 0112300604 ඔස්සේ සම්පත් කාර්ඩ් සෙන්ටෙර් අමතන්න. තවද Hatton National Bank ekken ලබා දෙන ඩෙබිට් කාර්ඩ් එකෙනුත් පුළුවන්. 

 Hatton National Bank - http://www.hnb.net/.


වෙන මම දන තරමින් අනෙකුත් බැංකුවල ඩෙබිට් කාර්ඩ් පාවිචි කරන බැහැ. කව්රු හරි දානවනම් කියන්න. මේ කාර්ඩ් වලින් Paypal ගිණුම සක්‍රීය කරගඅන්න ආකාරය ගැන හොද ලිපියක් දනුක ගේ සායිට් එක්කේ තියෙන්නවා එක්කේ තියෙනවා.පොඩ්ඩක් ට්‍රයි කරලා බලනකෝ.

දැනට මේ විස්තරේ ඇතිනේ ...! ඉතුරු විස්තර ටික තව ලිපියකින් දැන්නම් ....එතකන් මොනවහරි ගැටළු තියෙනවනම් කොමෙන්ට්ස් පාරක දල යන්න. ජය වේවා.,,,,,,,,,!


Sunday, September 25, 2011

ඔබේ ඩොන්ගල් එකේ Service provider අනුව APN Settings හදාගන්නේ කොහොමද....?

අයුබෝවන්ඩ...! ඕන්න හාහාපුරා කියල කියල මම ලියන පලවෙනි බ්ලොග් සටහන...මේ දවස්වල කස්ටියම ඩොන්ගල් වලින් වැඩ නිසා මටත් හිතුන ඒ ගැන සටහන්කින්ම වැඩේ පටන් ගන්න.අනික ඩොන්ගල් එක්ක සාක්කුවේ  දාගෙන්න උන්නත් යන්ට පුළුවන්නේ.... ?.ලේසියි පහසූයි.
මමත් ඩොන්ගල් එකක් පාවිචි කරන්න අරගෙන අවුරුද්දකට වැඩියි..ඒ දවස්වල ඩොන්ගල් එකක් ගතට ඒක පාවිචිචි කරන විදිය ගැන ඒ හැටි අවබෝදයක් තිබුනේ නෑ. ඒ නිසා මම පොඩි පොඩි ප්‍රශ්නවලට මුණ දෙන්න සිද්ද වුනා. වරදක් වෙන්නම  ඕනෙනේ දෙයක් ඉගෙනගන්න.
හොදයි මම පාවිචිචි කරනේ Huawei 156G ජාතියේ ඩොන්ගල් එකක්‌. ඩොන්ගල් එක ගන්න කොටම Unlock කරලා තිබ්බේ. ඒ නිසා Settings  හදාගන්න වූනා.

නමුත් ඔබට  Dialog, Mobitel, Etisalt වලින් දෙන ඩොන්ගල් වල ( Huawei 153)  මේ Settings හදල ඒවන්නේ. ඒ නිසා ඩොන්ගල් වල අමුතුවෙන් Settings  හදන්නා දෙයක් නෑ.
මේ ප්‍රශ්නය එන්නේ ඔබ Unlock කරපු ඩොන්ගල් එක්කක් මුල්වරට භාවිත කරදී හෝ lock කර තිබු එකක්  Unlock කර භාවිත කරදී   තමා.
                       හොදයි Mobile Partner install  කරගන්න ඔබ දන්නවනේ?. හරි Mobile Partner install කරට පස්සේ  Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.මම පාවිචිචි කරන්නේ ඓර්ටෙල් සිම් එකක් .
හරි දැන් තම වැඩේ පටන් ගන්නේ. පළමුව අපි ඓර්ටෙල් එකේ Settings හදන හැටි ඉගෙන ගමු.
Mobile Partner වින්ඩොව් එකේ ඉහළින් Tools මත Click කරන්න.

එතකොට මේ වගේ දිස්වේ. එහි ඇති options මත Click කරන්න. දැන් ඔබට මේ වගේ වින්ඩොව් එකක් දිස්වේ.

දැන් වම් පැත්තේ ඇති  Profile Management මත Click කරන්න.

දැන් ඔබට මෙවැනි වින්ඩොව් එකක් දිස්වේවි. අපි දැන් ඓර්ටෙල් සිම් එකකට අලුත් profile එකක් හදමු. මුලින්ම ඉහත රූපයේ ඇති ආකාරයට දකුණු පැත්තේ  ඉහල කෙලවරේ ඇති New කියන Button එක්ක මත Click කරන්න. එවිට Profile Name එක මත Cursor ekka නතරවේවි. අපි ඓර්ටෙල්  සිම් එකක් පාවිචි කරන නිසා  Profile Name එක Airtel කියා දෙන්න. පස්සේ ඊට යටින් ඇති APN හි ඇති  Dyanmic හා Static button අතරින් Static button tik කර APN එක විදියට කොටුව ඇතුලේ AirtelLive ලෙස  Type කරන්න. මෙහිදී  AirtelLive හිAirtel හි මුල් අකුර කැපිටල්  A වියයුතු අතර Live හි මුල්කැපිටල්  Lඅකුර  වියයුතු ය .
       දැන්නම් වැඩෙන් 90% විතර අවසානයි. දැන් Authentication Access number එක විදියට *99# ලෙස දක්වයි. (මේක පෙන්නුවේ නැත්නම් එය ඇතුල් කරන්න.)..ඔබ සම්පූර්ණ කරන ලද වින්ඩොව් එක මේ විදියට දක්වෙවී. ඉහත රූපය බලන්න. දැන් දකුණු පැතේ ඇති Save button එක  click කර  Ok කරන්න.

 Mobile Partner වින්ඩොව් එක මේ විදියට පෙන්නේ.

දැන් ඔබට‍ කරන්න තියෙන්නේ දකුණු පැතේ ඇති Connect button එක  click කිරීම පමණි. ස්වල්ප වේලාවකින් ඔබ අන්තරජාලය හා සම්බන්ධ වේවි.

මේ Settings ටික Airtel Postpaid සහ Airtel Prepaid package සදහා පාවිචි කරන පුළුවන්. දැන් Dialog, Mobitel, Etisalt වල Settings ටික හදාගන්නේ කොහොමද?.

Dialog Prepaid package  එකක් නම් Tools >options>Profile Management > click New

Profile Name                            : DialogPrepaid package
APN                                         :  tik Static button
APN                                          :  ppwap
 Authentication Access number  : *99#


දැන් දකුණු පැතේ ඇති Save button එක  click කර  Ok කරන්න.


Dialog Postpaid package  එකක් නම් Tools >options>Profile Management > click New


Profile Name                             : DialogPostpaid
APN                                         :  tik Static button
APN                                         :  Dialogbb
 Authentication Access number  : *99#


දැන් දකුණු පැතේ ඇති Save button එක  click කර  Ok කරන්න.


Mobitel Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New


Profile Name                             : Mobitel
APN                                         :  tik Static button
APN                                         :  mobitel3g
 Authentication Access number  : *99#


දැන් දකුණු පැතේ ඇති Save button එක  click කර  Ok කරන්න.


Etisalat  Prepaid හා Postpaid package සදහා Tools >options>Profile Management > click New


Profile Name                             : Etisalat
APN                                         :  tik Static button
APN                                         :  EBB
 Authentication Access number  : *99#




දැන් දකුණු පැතේ ඇති Save button එක  click කර  Ok කරන්න.



ඔන්න ඔහොමයි ඩොන්ගල් එකේ Settings හදා ගන්නේ. Connect කරදිදි මතක ඇතුව ඩොන්ගල් එකකට දැම්ම සිම්පත ට අදාල Profile Name    එක දල Connect  කරන අමතක කරන්න එපා.  නැත්නම් ඔබට 678 Error එකක් එන එක නවත්වන බැරි වෙයි.

බ්ලොග් එක්ක කියෙවට පස්සේ Commentට එකකක් නොදැමා යන්න එපා. අදහස්, චෝදනා සියල සතුටින් බරගනම්.
තවත් බ්ලොග් එකකින් නැවත හමුවෙමු....බායි.....!